හුස්ම ඉල්ලා වැළපෙන මිනිසුන් අතර - තම හුස්ම අතහැර වෙනත් අයෙකුට ජීවිතය දුන් මිනිසත්කම
40 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු හට තම ඇඳ සහ ඔක්සිජන් සිලින්ඩරය පරිත්‍යාග කළ 85 හැවිරිදි අයෙකු ගැන පුවතක් වාර්තා වනවා.
ඉන්දියාවේ, නාග්පූර් නැමති ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙලෙස සිය ඇඳ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ඔහු සිය නිවස වෙත ගොස් ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ද සඳහන්.
සමාජ සේවකයෙකු ලෙස කටයුතු කළ ඔහු, රෝහල්ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවේදී සිය සැමියා වෙනුවෙන් ඇඳක් ඉල්ලමින් අඬන කාන්තාවක දැක තිබෙනවා.
ඉන් අනතුරුවයි ඔහු විසින් සිය ඇඳ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත්තේ.