වාර්තාගත ලෙස ඉහල යන කොවිඩ් රෝගීන් - ඊයේ හමු වූ ප්‍රදේශ මෙන්න
Thursday, 29 April 2021 - 10:29 | Views - 1,375
මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ දෙවැනි දිනටත් 1,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
 
ඒ ඊයේ (28) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක් දක්වා ඉහල අගයක් සඳහන් කරමින්.
  
කෙසේ වෙතත් විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද ඊයේ දිනයේ ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
 
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර, 
 
ඒ ආසාදිතයින් 228 ක් ලෙසයි.
 
එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම අගය සටහන් වුනේ 19ක් ලෙසයි.
 
තවද පිළිවෙලින් වැඩිම අගයන් සටහන් කරමින් බොරැල්ලෙන් 18ක්, දෙමටගොඩින් 17ක්, කොහුවලින් 15ක්, කොළොන්නාවෙන් ආසාදිතයින් 14ක් හා පිළියන්දලින් ආසාදිතයින් 10ක් වාර්තා වී තිබෙනවා.
 
ඊට අමතරව දෙවෙනි වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා කරමින්  ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209ක් වාර්තා වී තිබෙනවා.එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 172ක් වාර්තා වී තිබෙන බවද සඳහන්.
 
අනෙක් ආසාදිතයින් 842 දෙනා සෙසු දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී තිබෙනවා.
 
ඒ අනුව කළුතරින් 133ක්, මාතලෙන් 119ක් හා මහනුවරින් ආසාදිතයින් 86ක් ද බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
ඊට අමතරව ගාල්ලෙන් 38ක්, යාපනයෙන් 10ක්, කෑගල්ලෙන් 49ක්, පුත්තලමෙන් 34ක්, අනුරාධපුරයෙන් 24ක්, ත්‍රිකුණාමලයෙන් 47ක්, මොනරාගලින් 58ක්, මාතර 16ක්, පොළොන්නරුවෙන් 14ක්, අම්පාරෙන් 19ක්, බදුල්ලෙන් 47ක්, නුවර එළියෙන් 54ක්, රත්නපුරයෙන් 44ක්, වව්නියාවෙන් 4ක්, මඩකලපුවෙන් 15ක්, හම්බන්තොටින් 28ක් හා කිළිනොච්චියෙන් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top