බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්රාසෙනිකා එන්නතේ දෙවන මාත්රාව ලබාදීම කල්යයි.
කොවිඩ් ප්රතිශක්තීකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්රාසෙනිකා එන්නතේ දෙවන මාත්රාව
අද දින සිට එනම් ( 2021-04-29 ) ලබාදීමට කටයුතු සැලසුම්කර තිබුනද, නිලධාරීන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්රාව ලබාදීම නියමිත පරිදි නොපැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් අදාල බලධාරීන් දන්වා සිටියේ එන්නත ලබාදීම දින නියමයකින් තොරව කල්දැමූ බවයි. එය පැවැත්වන දිනයන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.