සේප්පු නිෂ්පාදනය කරන මත්තෙගොඩ පිහිටි ඇල්ෆා කර්මාන්ත ශාලාවේ සේවකයන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඒ හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙන් දසදෙනකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.
විවිධ ආයතනවල අභ්‍යන්තර අලංකරණ කටයුතු සඳහා ඇල්ෆා කර්මාන්ත ශාලාවට ලැබෙන ඇණවුම් සඳහා බැහැරට යන පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක පස් දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකර මෙම දහ දෙනා නිරෝධායන කර තිබෙනවා.
මෙම කර්මාන්තශාලාවේ තුන්සීයක් පමණ සේවය කරන අතර ඔවුන් අතරෙන් ආසාදිතයන් හා සමීප වූ අය සොයා විමර්ශන ක්‍රියාත්මකයි.