අහසට යන ආසාදිතයින් මැද - හුස්ම නතර කරන්න ඉක්මන් වෙන කොවිඩ්
Wednesday, 28 April 2021 - 9:45 | Views - 1,095
මෙරටින් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තාවුණා.

ඒ අනුව දහස ඉක්මවා කොරෝනා ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙසද ඊයේ සටහන් වූ අතර, එය දැක්වුණේ 1,111 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 3487ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1089ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 7 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 15 දෙනෙකු ද මේ අතර වනවා.

ඒ අනුව ආසාදිතයින් 7976 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 94,856ක්.
 
එසේම නව මරණ 8ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 655ක් දක්වා ඉහළ ගියා.

මින් මරණ 6ක්ම කොවිඩ් නිව්මෝනියා තත්ත්වය නිසා සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

හෙට්ටිපොළ, අඹගහපැලැස්ස, මතුගම, නුගේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර, පොල්ගොල්ල, වත්තල සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු සහ කාන්තාවක් මෙලෙස  මිය ගොස් තිබෙනවා.

මේ අතර මධ්‍යම පළාතේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව උපරිමයට ළඟාවෙමින් පවතින බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top