කල්ගිය " නිල් මහ සටන "
Tuesday, 27 April 2021 - 10:56 | Views - 263
මෙවර රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟය කොරෝනා වසංගතය හේතුවෙන් කල් තැබීමට එහි සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.

142 වන නිල් මහ සටන පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මැයි 6 වන දා සිට 8 වන දා දක්වායි.

මෙවර එම තරඟය හම්බන්තොට - සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණේ ජෛව බුබුළ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදය යටතේයි.

 කෙසේ නමුත්, ශාන්ත තෝමස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන් මෙන්ම අනෙකුත් සියළු ක්‍රීඩකයන් සෞඛ්‍ය බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ අදාල මාර්ගෝපදේශ පිළිපදින බව ද සංවිධායකයන් අවධාරණය කළා.

එමෙන්ම, රජයේ සහ පෞද්ගලික අංශයේ සියළුම උත්සව මැයි 31 වන දා දක්වා කල් තැබීමට රජය ගෙන ඇති තීරණය ද සැලකිල්ලට ගෙන මෙලෙස රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටන කල් දැමූ බවයි සංවිධායකයන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top