කොරෝනා රැගෙන ගමින් ගමට යන මිනිස්සු
Tuesday, 27 April 2021 - 10:36 | Views - 1,366
ඊයේ රාත්රි 8.00 සිට හුදෙකලා කෙරුනු ත්රිකුණාමලය පම්පුකර් ප්රදේශයේ ජනතාව එම ප්රදේශය අතහැර ගිය බව ත්රිකුණාමලය හිරු ප්රාදේශීය වාර්තාකරු පවසනවා.ඊයේ දහවල් මෙම හුදෙකලා කිරීම ප්රකාශ කිරීමත් සමග ප්රදේශයේ ජනතාව පිට පළාත් වෙත ගමන්ගත් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.ඊයේ සවස 5 සිට රාත්රී හත පමණ වන තුරු අප වාර්තාකරු මෙම ගම්මානය අවට රැදී සිට ඇති අතර ඔහු පවසන්නේ කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් රාත්රී 7:00 වන තුරුත් එම ස්ථානයේ නොසිටි බවයි.අවම තරමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හෝ රාජකාරිය යොදවා තිබුණේ නම් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිව තිබූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.මෙලෙස නිරොධායන නියෝග සඳහා ජනතාව අනුගත නොවන්නේ නම් සහ එම නියෝග ක්රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකරන්නේ නම් මෙලෙස ගම්මාන හුදකලා කිරීමේ ඇති ඵලය කුමක්ද?මේ තත්ත්වය වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට ඔවුන් නිසි පියවර ගනු ඇතැයි යන්න අප බලාපොරොත්තුවයි.
Share This Article