කොරෝනා රැගෙන ගමින් ගමට යන මිනිස්සු
Tuesday, 27 April 2021 - 10:36 | Views - 1,367
ඊයේ රාත්‍රි 8.00 සිට හුදෙකලා කෙරුනු ත්‍රිකුණාමලය පම්පුකර් ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශය අතහැර ගිය බව ත්‍රිකුණාමලය හිරු ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

ඊයේ දහවල් මෙම හුදෙකලා කිරීම ප්‍රකාශ කිරීමත් සමග ප්‍රදේශයේ ජනතාව පිට පළාත් වෙත ගමන්ගත් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ඊයේ සවස 5 සිට රාත්‍රී හත පමණ වන තුරු අප වාර්තාකරු මෙම ගම්මානය අවට රැදී සිට ඇති අතර ඔහු පවසන්නේ කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් රාත්‍රී 7:00 වන තුරුත් එම ස්ථානයේ නොසිටි බවයි.

අවම තරමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හෝ රාජකාරිය යොදවා තිබුණේ නම් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිව තිබූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මෙලෙස නිරොධායන නියෝග සඳහා ජනතාව අනුගත නොවන්නේ නම් සහ එම නියෝග ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකරන්නේ නම් මෙලෙස ගම්මාන හුදකලා කිරීමේ ඇති ඵලය කුමක්ද?

මේ තත්ත්වය වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට ඔවුන් නිසි පියවර ගනු ඇතැයි යන්න අප බලාපොරොත්තුවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top