ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදෙකලා වෙයි
Tuesday, 27 April 2021 - 9:30 | Views - 252
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදෙකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  හිඟුරක්ගොඩ පොලිස් වසමේ සිරිකෙත, ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ  උකුවෙල පොලිස් වසමේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

මේ අනුව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යනවා.

 ඊයේ දිනයේදී ද ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකලා කෙරුණු අතර කොරෝනා ආසාදනය නිසා දින 3ක කාලයක් සදහා වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද හුදෙකලා කරනු ලැබුවා.

මීට අමතරව කුලියාපිටිය පොලිස් වසම ද තවදුරටත් හුදෙකලාවේ පවතිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරී වසම් දෙක ද හුදෙකලා කෙරුණේ පවතින කොරෝනා වෛරසය සැලකිල්ලට ගනිමින්. අදාළ ග්‍රාම නිලධාරී වසම් දෙක ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමටයි පියවර ගත්තේ.

එමෙන්ම, කොරෝනා රෝගීන් වාර්තා වීම හමුවේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ග්‍රාම නිළධාරී වසම් 8ක් ද ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කෙරුණා.

ඒ, ගම්පහ - කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත - නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම වශයෙන්.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න, පොලිස් බල ප්‍රදේශයට අයත් මිරිස්වත්ත, පැලවත්ත - උතුර, පැලවත්ත - නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ත්‍රිකුණාමල පොලිස් වසමේ පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසම ද ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමටයි තීරණය කෙරුණේ.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දිවයිනේ සෙසු පාසල්වල අධ්‍යයනය කටයුතු සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සදහන් කළේ.

මේ වන විට බස්නාහිර සහ වයඹ පළාත්වල සියළුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙන්ම කතෝලික සහ ඇග්ලිකන් සභාවට අයත් පාසල් ද අප්‍රේල් 30 වන දා දක්වා වසා දමා තිබෙනවා.

එමෙන්ම, මොණරාගල දිස්ත්‍රික්කයේ අවදානමට ලක්වූ ප්‍රදේශවල පාසල් 15ක් ද අප්‍රේල් 30 වන දා දක්වා වසා දැමීමට ඊයේ තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් පෙර පරිදිම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

එමෙන්ම පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කණ්ඩායම් රැස්වී ඒ පිළිබදව තවදුරටත් තීන්දු තීරණ ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top