අවම දින හතරක සංචරණ සීමාවකට ඉල්ලීමක් , තීරණය අද
Friday, 23 April 2021 - 13:35 | Views - 994
අවම තරමින් දින තුන හතරක කාලයකට හෝ රට සම්පූර්ණයෙන් වසා දමා රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට පියවර ගතයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන යෝජනාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර එය ජනාධිපතිවරයා සමඟ අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ හමුවේදී සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවයි.

මෙම සාකච්ඡාව සඳහා කොවිඩ් 19 රෝග පාලන ක්‍රියාවලියට එක්ව සිටින සියලු අංශවලට අමතරව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් කන්ඩායමක්ද කැඳවා තිබෙනවා.

උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ මෙම යෝජනාව සඳහා ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවටයි.

එමෙන්ම මෙවර වෙසක් උත්සවය සඳහා තොරණ දන්සල් ආදී මහජනතාව එක්රැස්වන කිසිදු අවස්ථාවකට අවසර නොදීමට සිය සංගමය තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මතුව ඇති තත්වය දිනෙන් දින බරපතළ වන බැවින් ඒ පිලිබඳව මහජනතාව දැඩි අවධානයක් යොමුකළයුතුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඊයේ දිනයේ නැවතත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ වාර්තා වු ආසාදිතයින් 672 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 192 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 192 දෙනා අතරින් පාදුක්ක ප්‍රදේශයෙන්  ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වනවා.  

පොල්ගස්ඕවිටින් ආසාදිතයින් 21 දෙනෙකු සහ කැස්බෑවෙන් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී තිබුණා.   

මේ අතර මුල්ලේරියාව මුලික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මුදිතා පෙරේරා කියා සිටියේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන ඔක්සිජන් සිලින්ඩර් හිඟයක් රෝහල තුළ පවතින බවයි.

එසේම, කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් නිරාවිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම සේවා කොට්ඨාශය අද පෙරවරු 7  සිට හුදෙකලා කෙරුණා.

එමෙන්ම, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කිරීමට පියවර ගැනුනා.  

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 98,722 ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයින් 93,884 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් සමාජයට එක් නොවි වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවගෙන් ඉල්ලිමක් කළේ.

මේ අතර, එළඹෙන දීර්ඝ සති අන්තයේදී නිරෝධායන නීති රීති වලට යටත්ව නිවසටම වී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙනවා.

ඊට සහභාගි වීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ සති 3 ක කාලයක් සඳහා පාසල් වසා දමන ලෙස එහිදි ඉල්ලීමක් කිරිමට අපේක්ෂා කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top