ගිලා බැසුණු බස් නැවතුම
Friday, 23 April 2021 - 10:16 | Views - 613
මහරගම නගරයේ පැවති රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය කෝටි අටක පමණ මුදලක් වැය කොට ඉදිකළ නාවින්න ප්‍රධාන බස් නැවතුම් පොලෙහි එක් පර්යන්තයක් මීට මාස 3ක පමණ සිට ගිලා බැසීමට ලක් ව ඇති බව වාර්තා වෙනවා.මෙම නව බස්නැවතුම් පොල ඉදි කොට දැනට වසර දෙකක් පමණ වන අතර මෙය විවෘත කරනු ලැබුවේ 2020 ඔක්තෝබර් මාසයේදීයි.අධිවේගී මාර්ගයේ සහ සාමාන්‍ය බස් ගමනාන්ත 18ක ධාවනය වන බස් රථ 325 ක් පමණ මෙම ස්ථානයෙන් ගමන් ආරම්භ කරනවා.මෙම ගිලාබැසීම මීට මාස තුනක පමණ කාලයක සිට මාලබේ බස්රථ ඇතුළුවන කොටසේ සිදුව තිබෙනවා.
Share This Article