මංගල ගමනෙන් 120ක් නිරෝධායනයට
Friday, 23 April 2021 - 10:08 | Views - 386

වත්තල - හැඳල ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවලට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.ඒ අනුව එම උත්සවයට එක්වූ පවුල් 40 ක පුද්ගලයින් 120 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකිරීමටයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.මනාල යුවල හැඳල - වැලිඅමුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මනාලියගේ නැගණියටද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.මේ අතර, විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීමේ ක්‍රමවේදය යළිත් ඇගයීමකට ලක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත මරණ 05 ක් වාර්තා වුණා.රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්, මහනුවර පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්, පෑලියගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්, කොට්ටමුල්ල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක් සහ නාරාහේන්පිට පදිංචි 77 හැවිරිදි කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 634 ක්.පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඊයේ දිනයේදී යළිත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 600 ඉක්මවා වාර්තා වුණා.ඒ අනුව ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672 ක්.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 98,722 ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයින් 93,884 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 4,204 ක් පමණයි.
Share This Article