මංගල ගමනෙන් 120ක් නිරෝධායනයට
Friday, 23 April 2021 - 10:08 | Views - 387
වත්තල - හැඳල ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවලට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම උත්සවයට එක්වූ පවුල් 40 ක පුද්ගලයින් 120 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකිරීමටයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මනාල යුවල හැඳල - වැලිඅමුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මනාලියගේ නැගණියටද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර, විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීමේ ක්‍රමවේදය යළිත් ඇගයීමකට ලක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත මරණ 05 ක් වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්, මහනුවර පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්, පෑලියගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්, කොට්ටමුල්ල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක් සහ නාරාහේන්පිට පදිංචි 77 හැවිරිදි කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 634 ක්.

පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඊයේ දිනයේදී යළිත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 600 ඉක්මවා වාර්තා වුණා.

ඒ අනුව ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672 ක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 98,722 ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයින් 93,884 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 4,204 ක් පමණයි.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top