වෙනස් වූ සිලින්ඩරයට බැඳුනු වැට
Friday, 23 April 2021 - 9:11 | Views - 453

ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙතෙක් නිකුත් කළ ගෑස් සිලින්ඩරය වෙනුවට වෙළඳපොලට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරය වහාම ඉවත් කරගන්නා ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය අදාල ගෑස් සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.
ගෑස් සැපයුම සිදුකරන ප්‍රධාන සමාගම් දෙකෙන් එක් සමාගමක් විසින් මෙලෙස නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදී එය වෙළදපොලට නිකුත් කර තිබුණා.
දැනට කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෑස් සිලින්ඩරය වෙනුවට, ගෘහස්ථ ලීටර් 18ක් ලෙස සඳහන් කර නව ගෑස් සිලින්ඩරයකුයි මෙලෙස වෙළඳපොලට නිකුත් කර ඇත්තේ.
එම ගෑස් සිලින්ඩරය සඳහා රුපියල් 100 ක මිල අඩු කිරීමක් ද සිදුකර තිබෙනවා.
දැනට වෙළඳපොලේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1495 කටයි.
ඒ අනුව, ලීටර් 18 ක් ලෙස සටහන් කර ඇති ගෑස් සිලින්ඩරයක් 1393 කට අලෙවි වනවා.
කෙසේ වෙතත්, කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් ලෙස සඳහන් කර වෙළඳපොලට ගෑස් සිලින්ඩර නිකුත් වීම පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය මීට පෙර සොයා බැලීමක් ද ආරම්භ කර ඇති තිබුණා.
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ අදාල ගෑස් සමාගම විසින් වෙළඳ පොලට නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කරන බවට පවසමින් සිදු කර ඇත්තේ ජනතාව මුලා කිරීමක් බවටයි.
එය පාරිභෝගික සේවා පනත උල්ලංඝණය කිරීමක් බවද පාරිභෝගික සේවා අධිකාරියේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
දැනට කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෑස් සිලින්ඩරයෙහි ලීටර් වලින් ගණනය කලහොත් ලීටර 25ක ගෑස් අඩංගු විය යුතුයි.
කෙසේ වෙතත්, දැනට ලීටර වලින් වෙළඳපොලට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩරයේ අඩංගු වන්නේ ලීටර 18ක්.
පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ අදාල ගෑස් සමාගම විසින් ජනතාවට ලීටර 7ක ගෑස් ප්‍රමාණයක් වංචා කර ඇති බවයි.
එමෙන්ම, රුපියල් 100 ක් අඩු කොට මෙම ගෑස් සිලින්ඩරය නිකුත් කර ඇතත් එය රුපියල් 100ක් නොව රුපියල් 417ක මිල අඩුවීමක් සිදු විය යුතු බවටද පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.
එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙලදපොලට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩර ඉවත් කර ගන්නා ලෙස ගෑස් සමාගම් වෙත පාරිභෝගික සේවා අධිකාරිය විසින් ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
Share This Article