නොහොබිනාකම් කළ පැයක සිදුවීම CIA කැමරාවේ
Thursday, 22 April 2021 - 16:44 | Views - 321
සෞඛ්‍ය බළධාරින්ගේ ඇස් වසා රහසින්ම කළ දේ...!!

රාජකාරී වේලාව තුළ දෙණියාය මුලික රෝහලේ ගිලන් රථයකින් සාප්පු සවාරි ගිය සෞඛ්‍ය සේවකයන් පිරිසක් පිළිබඳ හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වනවා.

අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබඳවයි.

මෙරට ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබදව බොහෝවිට ප්‍රතිකාර ලබාගැනීමට යන ජනතාවගෙන් ඒල්ල වන්නේ හොඳ ප්‍රතිචාරයක් නොවේ.

ඒවන් පසුබිමක දෙණියාය මුලික රෝහලේ ගිලන් රථයකින් ඊයේ පස්වරුවේ සාප්පු සවාරි ගිය සෞඛ්‍ය සේවකයන් පිරිසක් මාතර - අතුරලිය අපට හමුවන්නේ
මෙලෙසින්.

අකුරැස්ස - මාතර මාර්ගයේ අතුරලිය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පැමිණි මෙම ගිලන් රථය පැයකට අධික කාලයක් මෙම ස්ථානයේ නවතා තබා තිබුනා.

ඒ ඒහි පැමිණි සෞඛ්‍ය සේවකයින් මෙම ස්ථානයේ ඇති සුපිරි වෙලද සැලකින් භාණ්ඩ ඇණවුම් කිරීමට ගොස් තිබීම හේතුවෙන්.

ඒ අවස්ථාවේ ගිලන් රථයේ දොර ද මෙලස විවෘත කර තිබෙන අයුරු දක්නට ලැබුනා.

මෙම ගිලන් රථය දෙණියාය මුලික රෝහලට අයත් වුවක්.

රාජකාරී වේලාව තුල ගිලන් රථයෙන් සාප්පු සවාරි පැමිණ සිටි සෞඛ්‍ය සේවකයන් පිළිබඳව ජනතාව තම නොසතුට පළ කර සිටියා.

සාප්පු සවාරියේ නිරත වූ සෞඛ්‍ය සේවකයින් යළි ගිලන් රිය වෙත පැමිණියේ පැයකට පමණ පසුවයි.

ඉන්පසුව ගිලන් රිය මෙලෙස පිටත්ව ගියා.

ජන ජීවිතයට සෘජු වගකීමක් ඇති සෞඛ්‍ය සේවකයින්ට රාජකාරී වේලාව තුල මෙලෙස හැසිරිය හැකි ද?

මෙරට වගකිව යුතු ‌සෞඛ්‍ය බලධාරීන්නේ අපට ඇසීමට ඇති පැනය එයයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top