සෞඛ්‍ය බළධාරින්ගේ ඇස් වසා රහසින්ම කළ දේ...!!
රාජකාරී වේලාව තුළ දෙණියාය මුලික රෝහලේ ගිලන් රථයකින් සාප්පු සවාරි ගිය සෞඛ්‍ය සේවකයන් පිරිසක් පිළිබඳ හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වනවා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබඳවයි.
මෙරට ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබදව බොහෝවිට ප්‍රතිකාර ලබාගැනීමට යන ජනතාවගෙන් ඒල්ල වන්නේ හොඳ ප්‍රතිචාරයක් නොවේ.
ඒවන් පසුබිමක දෙණියාය මුලික රෝහලේ ගිලන් රථයකින් ඊයේ පස්වරුවේ සාප්පු සවාරි ගිය සෞඛ්‍ය සේවකයන් පිරිසක් මාතර - අතුරලිය අපට හමුවන්නේ
මෙලෙසින්.
අකුරැස්ස - මාතර මාර්ගයේ අතුරලිය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පැමිණි මෙම ගිලන් රථය පැයකට අධික කාලයක් මෙම ස්ථානයේ නවතා තබා තිබුනා.
ඒ ඒහි පැමිණි සෞඛ්‍ය සේවකයින් මෙම ස්ථානයේ ඇති සුපිරි වෙලද සැලකින් භාණ්ඩ ඇණවුම් කිරීමට ගොස් තිබීම හේතුවෙන්.
ඒ අවස්ථාවේ ගිලන් රථයේ දොර ද මෙලස විවෘත කර තිබෙන අයුරු දක්නට ලැබුනා.
මෙම ගිලන් රථය දෙණියාය මුලික රෝහලට අයත් වුවක්.
රාජකාරී වේලාව තුල ගිලන් රථයෙන් සාප්පු සවාරි පැමිණ සිටි සෞඛ්‍ය සේවකයන් පිළිබඳව ජනතාව තම නොසතුට පළ කර සිටියා.
සාප්පු සවාරියේ නිරත වූ සෞඛ්‍ය සේවකයින් යළි ගිලන් රිය වෙත පැමිණියේ පැයකට පමණ පසුවයි.
ඉන්පසුව ගිලන් රිය මෙලෙස පිටත්ව ගියා.
ජන ජීවිතයට සෘජු වගකීමක් ඇති සෞඛ්‍ය සේවකයින්ට රාජකාරී වේලාව තුල මෙලෙස හැසිරිය හැකි ද?
මෙරට වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන්නේ අපට ඇසීමට ඇති පැනය එයයි.