තවත් කොවිඩ් පොකුරක්
Thursday, 22 April 2021 - 8:58 | Views - 382
යාපනය පොලිස් නිළධාරීන් 11 දෙනෙකු ඇතුළුව උතුරු පළාත තුළින් ඊයේ (21) දිනයේ පුද්ගලයින් 21 දෙනෙකු වෙත කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් පැවසූවේ පසුගිය දින කිහිපයේදී යාපනය පොලිසියේ නිළධාරීන් 15 දෙනෙකු වෙත වෛරසය ආසාදනය වී ඇති බවයි.
යාපනය දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු,මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් පස් දෙනෙකු හා මුලතිවි දිස්ත්‍රික්කයෙන් ආසාදිතයෙකු ඇතුළුව උතුරු පළාත තුළින් ඊයේ (21) දිනයේ ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළා.
උතුරු පළාතේ නැවත වතාවක් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් වර්ධනයක් පවතින බැවින් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළා.
Share This Article