හදිසි ඇමතුම් අංකය අවභාවිතා නොකරන්න - පොලිසිය ඉල්ලයි
Thursday, 22 April 2021 - 8:40 | Views - 437

මහජනතාවට එදිනෙදා සිදුවන හදිසි අනතුරු, ආපදා,බරපතළ අපරාධ ක්‍රියාවන් පිළිබඳව ක්ෂණිකව ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දීම සඳහා 2004 වසරේ දී ආරම්භ කෙරුණු පොලිස් හදිසි ඇමතුම් ඒකකය හෙවත් 119 හදිසි ඇමතුම් සේවාව බරපතළ ලෙස අවභාවිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසනවා.ඔහු පවසන්නේ 119 අංකයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ ගැඹුරු විශ්ලේෂණයකින් අනතුරුව මේ තත්ත්වය හඳුනා ගත් බවයි.පොලිස් හදිසි ඇමතුම් ඒකකයට 2020 වසරේදී දුරකථන ඇමතුම් දොළොස් ලක්ෂ තිස් දෙදහස් දෙසිය හැත්තෑ දෙකක් ලැබී තිබෙනවා. එම සංඛ්‍යාව සලකා බැලීමේදී පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දිනකට සක්‍රීය ඇමතුම් 3000කට අධික සංඛ්‍යාවක් ලැබෙන බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් මේ අතරවාරයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සම්බන්ධ කර ගැනීමට දිනකට අට දහසකට වැඩි සංඛ්‍යාවක් උත්සාහ කරන බවටත් තොරතුරු ලැබී තිබෙනවා.මෙම අධ්‍යයනයේ දී හෙළි වී ඇති අනෙක් වැදගත් කරුණ වන්නේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබෙන ඇමතුම් වලින් සියයට 93 අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා ලැබෙන ඇමතුම් බවයි.මෙය පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ ප්‍රතිචාර දැක්වීමට සහ පලදායීතාවට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.එබැවින් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොලිස් හදිසි ඇමතුම් ඒකකය හදිසි අනතුරු, බරපතළ අපරාධ,ස්වභාවික ව්‍යසන ආදී කාරණා පිළිබඳව දැනුවත් කිරීම සඳහා පමණක් භාවිතා කරන ලෙසටයි.එසේ නොමැතිව ඉඩම් ගැටලු,ගිවිසුම් ගැටලු, චෙක්පත් වංචාවන් වැනි කාරණා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් නිසි ප්‍රතිඵලයක් අත් කර ගත නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Share This Article