මුහුණු පොතේ පෙම් හබයෙන් පාසල් දැරියක් කෙළෙසු අයට අත් වූ ඉරණම
Wednesday, 21 April 2021 - 16:54 | Views - 294
බාල වයස්කාර දැරිය දූෂණයට ආධාර අනුබල දුන් හෝටල් කළමනාකරු අත් අඩංගුවට
 
මුහුණු පොත හරහා හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ලේ සිට මිගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසනවා.
 
පොලිසියට වාර්තාවි ඇති ආකාරයට මෙම දැරිය මුහුණු පොත හරහා තරුණයෙකු හඳුනාගෙන ඇති අතර  ඇය නිතරම ජංගම දුරකතනයේ රැදි සිටිම නිසා ඉකුත් 9වනදින රාත්‍රි ඇයගේ පියා විසින් තරවටු කර පහරදි තිබෙනවා.
 
පසුව මේ බව ඇය තරුණයාට දන්වා ඇති අතර තරුණයා පවසා ඇත්තේ නිවසින් පිටව එන ලෙසය.
 
ඒ අනුව දැරිය පසුදින අලුයම නිවසින් පිටව ගාල්ල බස් නැවතුම් පොලට පැමිණ බස් රථයක නැගි කොළඹට ගොස් ඇති අතර එහිදි සැකකාර තරුණයා හමුවි තිබෙනවා.
 
පසුව ඔවුන් දෙදෙනා බස් රථයක නැගි මිගමුව ලැගුම් හලකට ගොස් ඇති අතර එහිදි සැකකරු විසින් ඇය දූෂණය කර තිබෙනවා. 
 
ඉන් පසුව ඔහු ඇය කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලට රැගෙන විත් එහි අතරමං කර පළාගොස් ඇති අතර පසුව ඇය එහි සිටි හමුදා නිලධාරින්ගේ ආධාරයෙන් ගාල්ල බස් රථයක නැගි නිවසට පැමිණ තිබෙනවා. 
 
මේ අතර මෙම බාල වයස්කාර දැරිය දූෂණයට ආධාර අනුබල දුන් හෝටල් කළමනාකරුද  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
දැරිය විසින් කරන ලද ප්‍රකාශ අනුව බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සඳහා කාමර පහසුකම් ලබාදි ආධාර අනුබල දිමේ චෝදනාව යටතේ සැකකාර හෝටල් කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුවේ හෝටලයක 35 හැවිරිදි කළමනාකරුවෙකි.
 
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් නාගහවත්ත මහතාගේ උපදෙස් පරිදි රත්ගම පොලිසිය විසින් මේ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top