ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත ලබාදීම නිසා රුධිරය කැටිගැසීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබෙනවා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.
එය මෙසේය ,
“ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී තිබෙනවා. ලංකාවේත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව තිබෙනවා. “