අග්රාමාත්යවරයාගේ ඉල්ලීම පරිදි පාස්කු ප්රහාරයෙන් මියගිය පිරිස සිහිකර, පාර්ලිමේන්තුවේද අද මිනිත්තුවක නිහැඬියාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණි ආණ්ඩු පක්ෂයේ සියලු මහජන නියෝජිතවරුන් සිය අතෙහි කළු පටියක් පැළඳ සිටිනු දක්නට ලැබුනා.
මේ අතර විපක්ෂයේ සියලු මන්ත්රීවරුන් අද දින පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු පැහැති ඇඳුමෙන් සැරසී පැමිණ සිටි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කලේ.