වෙනස් වුණු කෝවිඩ් ගැන සිදුකෙරෙන පරීක්ෂණ
Wednesday, 21 April 2021 - 10:14 | Views - 379
සිංහල - දෙමල අලුත් අවුරුද්දෙන් පසු මෙරට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ මේ දිනවල කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වීම නව ප්‍රභේදයක් ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බවයි.මෙරටින් ඊයේ කොරෝනා ආසාදිතයන් 367 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 97,472ක් දක්වා ඉහළ ගියා.නව ආසාදිතයින්ගෙන් 345ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන් හි සිට පැමිණි 22 නෙකු රෝගීන් ලෙස හදුනා ගැනුණා.ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 3300ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 93,547ක්.ඊයේ දිනයේ නව මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගියා.යාපනය, රත්නපුර, පානදුර, මට්ටක්කුලිය සහ හොරණ ප්‍රදේශවල පදිංචි අවුරුදු 59ත්, 90ත් අතර වයස්වල පසුවන්නන් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
Share This Article