උඩ බලනකොට ෂර්ට් එකට ලේ බිංදු දෙකක් වැටුණා..
මස් කෑලි එල්ලෙනවා.. මම ඒවා බැලුවේ නෑ පුතාව තමයි හෙව්වේ..
ඈතට දැක්කා පුතාගේ සපත්තු දෙක..
බලද්දි පුතා වකුටුවෙලා ඉන්නවා.. මම උස්සලා ගත්තා පුතාව..
පාස්කු ඉරිදා අමිහිරි මතකය තවමත් අපේ හදවත්වලින් අමතකව ගිහින් නෑ.
මේ මිලේජ්ජ ප්රහාරයෙන් ජීවිත රැසක් අකාලයේ මිලිනව ගියේ ජීවත්ව සිටින මිනිසුන්ටත් වේදනාවේ මතකයන් ඉතිරි කරවමින්.
වසර දෙකක් ගතවුණු මේ මිලේජ්ජ ප්රහාරයෙන් තවමත් වේදනා විඳින මිනිසුන්ට සාධාරණයක් මෙතෙක් ඉටුව නැහැ.
මේ ඒ අමිහිරි මතකය ගැන අපි කළ සොයාබැලීමක්...