පාස්කු ප්‍රහාරයේ කඳුළු අතර ගෙවුණු වසර 02
Wednesday, 21 April 2021 - 8:21 | Views - 224

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් සපිරෙනවා.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වෙන අතර, 8.45 ට විනාඩි දෙකක නිහැඩියාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම, කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව ඊයේ පස්වරු 4 සිට අද දහවල් 12 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය ද සීමා කර තිබෙනවා.
මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 6 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
එසේම මඩකලපුව සියොන් දේවස්ථානයේද විශේෂ දේව මෙහෙයක් සූදානම් කර තිබෙනවා.
ඊට අමතරව දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර, කතෝලික සභාව යටතේ පාලනය වන සියලු පාසල්වලට අද නිවාඩු ලබාදෙන බවද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.
දිවයින පුරා සියලුම දේවස්ථාන වෙත ආරක්ෂාව ලබාදෙන ලෙසද පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
Share This Article