පසුගියදා ශ්රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසාන තරඟය නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වුණා.
ඉන් ජයග්රහණය කර ඔටුන්න හිමි කරගැනීමට වරම් හිමි කරගත්තේ පුෂ්පිකා ද සිල්වා වුවද ,ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරී විශේෂ ප්රකාශයක් කරමින් කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බව පවසා ඇයගෙන් කිරුළ ඉවත් කර දෙවැනි ස්ථානය දිනාගත් රුවැත්තියගේ හිස පළඳන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.
කෙසේ නමුත් ඇයට එම කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණයි.
සංවිධායක මණ්ඩලයේ තීරණයට අනුව එම කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා ටම ලබාදීම සිදුකෙරුණා.
මේ ආන්දෝලනාත්මක සිද්ධියට මුහුණ දුන් ශ්රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ දෙවැනි ස්ථානය දිනු අයේශා බස්නායක හිරු අප සමඟ කළ හෙළිදරව්ව පහතින් ...