විජේදාස පුත් රඛිත අත්අඩංගුවට
Tuesday, 20 April 2021 - 14:51 | Views - 407
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ (32) ඊයේ (19) රාත්‍රියේ වැලිකඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර ඔහුව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් කර සිවු දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනා යටතේයි.
 
ඊයේ රාත්‍රීයේ 10.45ට පමණ රඛිත රාජපක්ෂ පැමිණි ජීප් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් සමග ගැටි තිබෙනවා.

මේ අනතුරෙන් කාර් රථයේ සිටි සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් අතර සිටි ගැබිණි කාන්තාවක් වෛද්‍ය අධීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අනතුර සිදු වන අවස්ථාවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්, රඛිත රාජපක්ෂ බීමතින් සිටියා දැයි සොයා බැලීම සඳහා ලේ සාම්පලයක් ලබාගත් බවයි.

අනතුර සිදුවීමෙන් පසු රඛිත රාජපක්ෂ කොළඹ, ගාලු පාරේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇත්තේ, හිසේ සිදු වූ සුළු තුවාලයක් ද සමඟයි.

වැලිකඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top