කමිසයේ සැඟවී ආ වාසනාවට වැටුණු මාංචු
Tuesday, 20 April 2021 - 9:49 | Views - 696
අලූත් අවුරුද්දට නිවසට පැමිණි අයකුට ලබාදුන් කමිස සාක්කුවක තිබූ රන් දම්වැල් දෙකක් වංචනික ලෙස ලබාගෙන උකස් මධ්‍යස්ථාන දෙකකට එම රන්මාල දෙක උකස් කර මුදල් ලබාගත් අයකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය පවසයි. ජේ. ඒ. චන්ද්‍රසිරි හෙවත් ටාසන් මාමා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඞ්බාරයේ තබන ලෙසට අත්තනගල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත් සිරිපාල එම්. පතිරාජ මහතා ඉකුත් දා නියම කළේය.
 
සැකකරු තම හිතවත්කම මත ඉකුත් 10 වැනිදා දිවුල්දෙනිය ප‍්‍රදේශයේ නිවසකට ගොස් ඇති බවත් එහිදී එම නිවෙස් හිමියන් විසින් සැකකරුට බත් පාර්සලයක් සමග කමිස 02ක් ලබාදී ඇති බවත් අධිකරණයේදී සඳහන් විය. සොර සතුරු බිය නිසා රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන්දම්වැල් 2ක් ගෙහිමි කාන්තාව විසින් අල්මාරිය තුළවූ කමිසයක සාක්කුවකට දමා ස`ගවා තිබියදී එය නොදැන එම කමිසය ගෙහිමි කාන්තාවගේ සැමියා විසින් සැකකරුට අවුරුදු පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති බවත් පොලිසිය අධිකරණය හවුවේ කීය. ගෙහිමියන් සැකකරුගෙන් රන් මාල 02 ඉල්ලා සිටියත් එය ආපසු ලබා නොදීම හේතුවෙන් පොලිසියට ලද පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්‍ෂණයේදී එම රන්මාල දෙක සැකකරු උකස්කර ඇති බවට අනාවරණය කරගත් බව මීරිගම පොලිසියේ සැරයන් නිශාන්ත රූපසිංහ (60567) අධිකරණය හමුවේ පැවසීය.
 
දිවයින 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top