පුෂ්පිකාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි.
Wednesday, 07 April 2021 - 8:28 | Views - 575
යළි විවාහක රූ රැජිණ කිරුළ හිමිවූ පුෂ්පිකාද සිල්වා පොලීසිය වෙත කළ පැමිණිල්ලේ විමර්ශනවලට අදාළව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කිරුළ බලහත්කාරයෙන් ඇයගේ හිසෙන් ඉවත් කිරීමේදී තුවාල සිදු වූවා යැයි කියන සිද්ධිය තහවුරු කර ගැනීම සඳහා එම වෛද්‍ය වාර්තා ලබා ගන්නා බවයි.

පැමිණිල්ලට අදාලව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි ඇතුළු 8 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

පසුගිය 4 වන දා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූ පුෂ්පිකා ද සිල්වා කිරුළ පැළද සුළු මොහොතකට පසු පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි විසින් එය ඇයගේ හිසෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුවා.

ඒ, ඇය දික්කසාද කාන්තාවක් බව ප්‍රකාශ කරමින්.  

කෙසේ වෙතත් ඒ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම හේතුවෙන් ඊයේ දිනයේදී නැවත පුෂ්පිකාද සිල්වාට කිරුළ ලබා දී තිබූ අතර ඇය මාධ්‍ය හමුවකටද සහභාගී වුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top