දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට සිට වර්ජනයේ
Tuesday, 06 April 2021 - 16:43 | Views - 343
දුම්රිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලනාධිකාරිය මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් හෙට සිට දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
දුම්රිය ස්ථානයක සේවකයින් හයදෙනෙකු සේවයේ යෙදිය යුතු වුවත් බොහෝ දුම්රිය ස්ථානවල එක් සේවකයෙකු පමණක් රාජකාරිවලට අනුයුක්ත කර ඇති බවයි එම සංගමයේ ලේකම් කසුන් ජයසේකර කියා සිටියේ.
මෙම ගැටළුවට විසඳුම් ලබාදීමට පසුගිය වසරේ පෙබරවාරි 18 වනදා පාලනාධිකාරිය පොරොන්දු වුවත් මෙතෙක් එකදු සේවකයෙකු හෝ බඳවාගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article