සැඟවුණු විෂ ගැන - ප්‍රමිති ආයතනයෙන් හෙළි වූ හැටි (video)
Monday, 05 April 2021 - 14:32 | Views - 310

වෙළඳපලට නිකුත් වී ඇති විෂ රසායනික අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් මේ වන විට ප්‍රමිති ආයතනයට පැමිණ තිබෙනවා.ඒ, පසුගියදා හිරු ප්රවෘත්ති අංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී සිදුකළ අනාවරණයට අදාළවයි.ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය එම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ සමාගම් බිඳ වැටෙන බැවින් විෂ සහිත ආහාර පවතින සමාගම්වල නම් ප්‍රකාශ කළ නොහැකි බවයි.ඇයගේ මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් මතුවූ අතර, ඊයේ දිනයේ සිංහලේ ජාතික සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද කටයුතු කළා.ජනබලපවුර සංවිධානයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් කියා සිටියේ තම සංවිධානය ද අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි.මේ අතර පාරිභෝගික අධිකාරිය මගින් දිවයින පුරා පොල්තෙල් සාම්පල ලබාගනිමින් ප්‍රමිතිය පරීක්ෂා කිරීම් සිදුකළ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ අදාළ පරීක්ෂණ සිදුකිරීමට තමන්ට පහසුකම් නොමැති බවයි.
Share This Article