නැවතත් කොළඹින් වැඩිවන ආසාදිතයින්
Monday, 05 April 2021 - 10:28 | Views - 230
ඊයේ (04) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 141 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
එම සංඛ්‍යාව 54 ක්.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 25 දෙනෙකු, කළුතරින් 12 දෙනෙකුද, ඊයේ වාර්තාවී තිබෙනවා.
එමෙන්ම විදේශගතව සිට දිවයිනට පැමිණි 19 දෙනෙකු ද ඊයේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
Share This Article