ප්රතික්ෂේප වුණු රන්ජන්ගේ ඉල්ලීම
Monday, 05 April 2021 - 10:21 | Views - 241
සිය පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
ඒ, මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම් දුන්නේ රන්ජන් රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව අද ප්රකාශයට පත් කරන බවයි.
Share This Article