19 හැවිරිදි තරුණිය ඝාතනය කෙරූ 42 හැවිරිදි පුද්ගලයා
Monday, 05 April 2021 - 10:05 | Views - 253
බාලවයස්කාර තම දියණිය වැඩිමහල් පුද්ගලයෙකුට විවාහ කරදීමට ගත් උත්සාහයක් පිළිබඳ උරණ වූ ඇයගේ පියා, ඊට සම්බන්ධ තරුණියක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ගලේවෙල - පට්ටිවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක්. 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මව අහිමි 17 හැවිරිදි සැකකරුගේ දියණිය රැකවරණ නිවාසයක හැදී වැඩී ඇති අතර, අවුරුදු නිවාඩුව සඳහා නිවසට පැමිණ තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණිය ඇයගේ ඥාති තරුණියක් වන අතර, තනිව සිටිය නොහැකි නිසා එම නිවසේ තම දියණිය නතර කළ බවයි පියා ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, එහිදී තම දියණිය ඔවුන්ගේ නිවසේ රඳවාගෙන වයසින් වැඩි අයෙකුට විවාහ කරදීමට තැත්කළ බව ඝාතනය සිදුකළ පියා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම දියණිය බැලීම සඳහා එම නිවසට ගියත් ඇය සඟවාගෙන සිටි නිසා උරණ වී  ඥාති තරුණිය සේවය කරන පොත් අලෙවිසැලකට ගොස් ඊයේ ඇයට තියුණු ආයුධයකින් පහරදී සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top