දවස් දහයක් පුරා අධික උණුසුම් තත්වයක් දිවයිනට
Monday, 05 April 2021 - 9:24 | Views - 231
දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද සිට ලබන 14 වනදා දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (05) දිනයේ තෙල්වත්ත, බද්දේගම, දෙදියවල, මුලටියන, අගුණකොලපැලැස්ස සහ උඩමලල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10 කට අවධානය යොමුකල යුතු මට්ටමේ දැඩි උෂ්ණාධික තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මුලතිව්, වවුනියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂිතයි.

අධික උණුසුම් තත්වය හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කුඩා දරුවන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා  වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ ජනතාවට දැනුම් දෙන්නේ.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top