දවස් දහයක් පුරා අධික උණුසුම් තත්වයක් දිවයිනට
Monday, 05 April 2021 - 9:24 | Views - 232
දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද සිට ලබන 14 වනදා දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද (05) දිනයේ තෙල්වත්ත, බද්දේගම, දෙදියවල, මුලටියන, අගුණකොලපැලැස්ස සහ උඩමලල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.
මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10 කට අවධානය යොමුකල යුතු මට්ටමේ දැඩි උෂ්ණාධික තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මුලතිව්, වවුනියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂිතයි.
අධික උණුසුම් තත්වය හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කුඩා දරුවන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ ජනතාවට දැනුම් දෙන්නේ.
Share This Article