රිය අනතුරුවලින් ඊයේ (04) දිනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙයින් වැඩිම අනතුරු ප්‍රමාණයක් යතුරුපැදිවලින් සිදුවූ අනතුරු බවයි.
අප්‍රේල් මස 10 වනදා සිට 20 වනදා දකවා කාලය මෙරට තුල වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන කාලසීමාව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර කොළඹින් පිටත්වන දුරගමන් සේවා මගී බස් රථවල රියන්දුරන්ගේ රිය ධාවනය නිරීක්ෂණය සඳහා අද (05) දිනයේ සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණයකර ඇති බව පොලිසිය සඳහන් කළා.