සුළු මොහොතකින් ගැලවුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ කිරුළ , තවත් කෙනෙකු පළදියි (video)
Monday, 05 April 2021 - 8:46 | Views - 524
ශ්‍රී ලංකා රූ රැජිණ හෝ විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම ඕනෑම නිරූපිකාවකගේ හීනයක්.

පුෂ්පිකා ද සිල්වා කියන්නේ ඒ විදිහට ශ්‍රී ලංකාවේ රූ රැජින වූ රුවැත්තියක්, ඇය ඊයේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයටත් සම්බන්ධ වුණා.

ඉන් ජයග්‍රහණය කර ඔටුන්න හිමි කරගැනීමට වරම් හිමි කරගත්තා.

කෙසේ නමුත් ඇයට එම කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණයි.

ආරාධිත අමුත්තන් විවාහක රූ රැජිනියන්ට කිරුළු පළදා වේදිකාවෙන් නික්ම ගිය පසු වේදිකාවට ගොඩ වන හිටපු විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බවයි.

ඊට හේතුව ලෙස ඈ පවසන්නේ තරඟාවලියේ නීති රීති අනුව ඊට එක්වන සෑම තරඟකාරියක්ම විවාහක විය යුතු අතර දික්කසාදය වූවන් නොවිය යුතු බවයි.

ඉන් අනතුරුව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවැත්තියගේ හිස පළඳන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.

අන්තර්ජාලය කැළඹු එම උණුසුම් අවස්ථාවේ පහතින්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top