හැඩට ඉන්න මැටියෙන් හැදෙන ආලේපන
Friday, 02 April 2021 - 13:32 | Views - 311
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට මෙමගින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුලින් ලෝකය ජයගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article