කිලිනොච්චිය,ශිවපුරම් ප්රදේශයේදී ඊයේ (01) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය කොට,ස්වාමිපුරුෂයාද සියදිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තාවන බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය හා සියදිවි හානි කර ගැනීම සිදුව ඇති බවට සැක කරන බවයි.
සිදුවීමෙන් 36 හැවිරිදි තිදරු මවක් හා 38 හැවිරිදි පුදගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසූවේ මියගිය දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්රාත් මහේස්ත්රාත් මරණ පරීක්ෂණ ඊයේ (01) සවස සිදුකළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.