අවුරුදු නැකතට හිරුගෙන් කිරණ - සත් පත්තිනි දේව දානයට සහල් සම්මාදම අද තුන්වන දිනටත්
Friday, 02 April 2021 - 9:13 | Views - 275

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුද්දේ උදාවට පෙර සැමට ආශිර්වාද පතා හිරු සංවිධාන කරන සත් පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් අලුත් සහල් එක් රැස් කිරීමේ කටයුත්ත අද 03 වන දිනටත් ක්‍රියාත්මකයි.
සත්පත්තිනි ශාන්තිකර්මය අවසානයේ දෙවි දේවතාවුන් උදෙසා පූජාකෙරෙන දේව දානය වෙනුවෙන් මුළු රටෙන්ම අලුත් සහල් සම්මාදම් කරගැනීම පෙරේදා ආරම්භ කෙරුණේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය, කතරගම කිරි වෙහෙර සහ මහියංගණය රජමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින්.
සත් පත්තිනි දෙවියන් මුල් කරගනිමින් රටට සහ සියලු පුරවැසියන්ට ආශිර්වාදය ලැබේවා යන ප්‍රාර්ථනයෙන් අප්‍රේල් 14 වනදා මැදියම් රැයේ ඇරඹෙන සෙත් ශාන්තිය අලුයම තුන දක්වා නවගමුව පුරාණ සත් පත්තිනි දේවාල පුදබිමේදී පැවැත්වෙනවා.
ඒ අනුව අද පෙරවරු 9 සිට 11 දක්වා නිකවැරටිය බෞද්ධ මධ්‍යස්ථානය, හේවාගම ශ්‍රී ගෞතම බෝධිරුක්ඛාරාමය සහ ලුණුගම් වෙහෙර පුරාණ රජමහා විහාරයටත්, දහවල් 12 සිට පස්වරු 2 දක්වා මහව ගලායාය පුරාණ විහාරස්ථානය, හිඟුරක්ගොඩ ඩී.ඇස්. සේනානායක මහා විහාරය සහ පන්නේගමුව මහාවාසී රජමහා විහාරයටත් ළඟා වනවා.
පස්වරු 3 සිට 5 දක්වා අඹන්පොල බෝධි රුක්ඛාරාමය, මැදිරිගිරිය ශ්‍රී විවේකාරාම රජමහා විහාරය සහ තිස්සමහරාම තිස්ස මහා විහාරයටත් ශාන්තියේ යාත්‍රා පැමිණීමට නියමිතයි.
ඔබේ ගමට නගරයට පැමිණෙන ශාන්තියේ යාත්‍රාවට සුපිරිසිදුව සකස් කරගත් නොඉඳුල් සහල් මිටක් පූජා කර සත් පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාද ලබාගන්නා ලෙස හිරු ටි.වී. සහ හිරු එෆ්. එම්. බැතිබරව ඇරයුම් කරනවා.
Share This Article