වැලිකන්ද ප්රාදේශීය සභාවේ සභාපති ප්රියන්ත කවිඳු අබේසූරිය එම තනතුරෙන් ඉවත්කරමින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ප්රාදේශීය සභා පනත යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව පත් කරනු ලැබූ විශ්රාම ලත් මහාධිකරණ විනිසුරු සමන් වික්රම වික්රමාරච්චිගේ පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බවයි.
ඒ අනුව ප්රාදේශීය සභා පනත යටතේ වරදක් කර ඇති බව සනාථ වී ඇති බැවින් වැලිකන්ද ප්රාදේශීය සභා සභාපතිවරයා මෙලෙස වහාම ක්රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කරන බවයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් එම ගැසට් නිවේදනයෙන් ප්රකාශ කළේ.