යතුරුපැදිකරුවන්ට බැඳුනු වැට
Friday, 02 April 2021 - 8:20 | Views - 358
දිවයින පුරා සිදුවන මාර්ග අනතුරුවලදී යතුරු පැදිකරුවන් සහ පසු පැදි කරුවන් බහුල වශයෙන් මිය යාම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය යතුරු පැදිකරුවන් ඉලක්ක කර සිවුදින මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.

පසුගිය තිස් එක් වෙනිදා ආරම්භ කෙරුණු මෙම මෙහෙයුමේ පළමු පැය 24 තුළ දී යතුරුපැදිකරුවන් විසින් සිදු කරනු ලද විවිධ වැරදි 4511 ක් හසුකර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

 ඒ අතරින් බීමත්ව යතුරුපැදි පැද වූ පුද්ගලයින් එකසිය විසි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ගමන් කල යතුරු පැදි කරුවන් 651 දෙනෙකුත්,විවිධ මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදිකරුවන් 1121 දෙනෙකු මෙම මෙහෙයුමේ දී හඳුනා ගැනුණා.

ලබන තුන් වෙනිදා දක්වා අඛණ්ඩව සිදු කෙරෙන මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ දිනකට දළ වශයෙන් මහමග මියයන පස්දෙනෙකු පමන වන යතුරුපැදි  කරුවන්ගේ ජීවිත ගලවා ගැනීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්  සඳහන් කළේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top