අනියම් ඇසුරෙන් ගෙල අහිමිවූ ඝාතනයේ සුළමුල
Thursday, 01 April 2021 - 14:51 | Views - 464
සීගිරිය නව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ තිබී පුද්ගල මළසිරුරක් 30 වැනි දින අලුයම සීගිරිය පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.
 
තියුණු ආයුධයකින් ගෙල කපා දැමීමෙන් මෙම ඝාතනය සිදු කොට ඇතැයි පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව සීගිරිය පොලිසිය පවසනවා.
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු සහ ඔහුගේ බිරිය තියුණු ආයුධය ද සමඟ 30 දින අලුයම සීගිරිය පොලිසියට භාර වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
 
මියගොස් ඇත්තේ අනූෂ උදය කුමාර නමැති නෑබැට, අලුත්ගම, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු බවටයි හඳුනාගෙන තිබෙන්නේ.
 
පොලිසියට භාර වී ඇති සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන අයකු සහ ඔහුගේ බිරිය සීගිරිය නව නගරය ආසන්නයේ කුලී නිවෙසක පදිංචිව සිට ඇතැයි පොලිසිය සඳහන් කළා.
 
කාලයක් තිස්සේ ගුවන් සෙබළාගේ බිරිය සමඟ මියගිය පුද්ගලයා ඇසුරක් පවත්වා තිබෙන බව එම ඇසුර නිසාම මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ගුවන් හමුදා සෙබළා නිවෙසක් කුලියට ගෙන දරුවන් දෙදෙනාත් සමඟ සීගිරියේ පදිංචියට පැමිණ දින පහළොවකට ආසන්න වන බවද  පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
 
දිගින් දිගටම තමන්ට කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදු කොට ඇති බව පොලිසියට භාර වූ යුවළ ප්‍රකාශ කොට ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
 
ඝාතනය සිදු වූ ස්ථානයට ගිය දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ඒ.එස්.කේ. බණ්ඩාර මහතා, සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.ඩබ්ලිව්.එම්.යූ. කොබ්බෑකඩුව, අපරාධ අංශයේ ස්ථානාධිපති එච්.එම්. හේරත් යන මහත්වරු සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවා තිබෙනවා.
 
මෙම පුද්ගලයන් රැඳී සිටි බව කියන නිවෙස ද පොලිසියේ දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර නිවෙසේ සිට මීටර් 200ක් පමණ දුරින් සීගිරිය පව්ව ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල තිබී ගෙල කපා ඝාතනය කොට තිබූ පුද්ගල මළ සිරුර සොයාගත් බව ද  පොලිසිය සඳහන් කළා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත් පොලිසිය මේ වනවිට දඹුල්ල මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.ඩබ්ලිව්.එම්.යූ. කොබ්බෑකඩුව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
 
 
උපුටා ගැනීම - මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top