පාස්කු ඉරිදාවට සමගාමීව පොලීසිය ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවලට සහයෝගය දක්වන ලෙස යුද හමුදා මූලස්ථානය සියළු ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව තම බල ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳව අධ්‍යයනයක් සිදු කර පොලීසිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය අධ්යක්ෂ බිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ.
මෙහිදී අවශ්‍යතාවය පිළිබඳව විග්‍රහයක් කර ඒ ඒ ප්‍රදේශ වල පිහිටි කතෝලික දේවස්ථාන, ඇතුළු ස්ථාන වෙත මෙලෙස ආරක්ෂාව සැපයෙනු ඇති. මෙවර පාස්කු ඉරිදාව ලබන 4 වනදාට යෙදී තිබෙනවා.