පොලිසියේ පහරදීමකින් සැමියා මියගිය බවට බිරිඳගෙන් චෝදනා (video)
Thursday, 01 April 2021 - 8:36 | Views - 254

ගල්කිස්ස පොලිසිය සිදුකළ පහරදීමකින් තම සැමියා මියගිය බවට කළුබෝවිල ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා.මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි දෙදරු පියෙක්. කළුබෝවිල - පාසල් මාවතේ පදිංචි පුද්ගලයෙක් පසුගිය 18 වැනිදා ගල්කිස්ස පොලිසිය විසින් රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකටයි. ඔහු පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරි අතර ඉන් පසු පොලීසිය විසින් පහර දුන් බව පවසමින් කලුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.ඉන් සුවය ලබා නිවසට පැමිණි ඔහු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් (30)දා අලුයම් කාලයේදී නැවත රෝහල් ගත කළා.පසුව ඊයේ (31) දා උදෑසන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය ඊයේ රෝහලට පැමිණ මෘතදේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීරණය අනුව ඉදිරි විමර්ශන සිදු කෙරෙන බවයි.
Share This Article