රත්තරං සොයන්න ගිය වළෙන්, මතු වූ මාංචු
Wednesday, 31 March 2021 - 11:29 | Views - 304
කිලිනොච්චිය වට්ටකච්චිලමයානූර් ප්‍රදේශයේ කැළෑවක යුධ සමයේ එල් ටි ටි කඳවුරක් පැවති ස්ථානයක නිධන් හෑරීමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (30) ධර්මපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිසිය පැවසූවේ එල් ටි ටි සංවිධානය වළ දමා ඇති බවට සැක කරන රත්රන් සෙවීම සිදුකළ පුද්ගලයින්  පස් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබී පොළොව අභ්‍යන්තරයේ ඝන ද්‍රව්‍ය සෙවීමට භාවිතා කරන නවීන ස්කෑනර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ, කැනීම් උපකරණ හා ජංගම දුරකථන හයක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා.
 
මෙම සැකකරුවන් මැදිරිගිරිය, කොළඹ, කිරුළපන, හම්බන්තොට ප්‍රදේශයන්හි පදිංචි පුද්ගයින් බව පොලිසිය සඳහන් කළා.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද  කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top