"සූර්ය සිංහලේ සත් පත්තිනි සෙත් ශාන්තිය" - සුබ නැකතින් අලුත් සහල් එක් රැස් කිරීම
Wednesday, 31 March 2021 - 10:11 | Views - 353
උදාවන අලුත් අවුරුද්දේ සියලුදෙනාට ආශිර්වාද පතා හිරු සංවිධාන කරන සත් පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් අලුත් සහල් එක් රැස් කිරීමේ කටයුත්ත තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.  

ඒ අනුව අනුරාධපුර රුවන්වැලි මහා සෑය, කතරගම කිරි වෙහෙර සහ මහියංගණය රජමහා විහාරස්ථාන අසලින් අලුත් සහල් එක් රැස් කිරීමේ රථ පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ඊට පෙර සුබ මොහොතින් කප් සිටුවීම සිදු කෙරෙන බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.  

රුවන්වැලි මහ සෑ රදුන් අභියසින් ගමන් ඇරඹෙන අලුත් සහල් එක් රැස් කිරීමේ රථ පෙරහර නොච්චියාගම හරහා රාජාංගණයට ළඟාවීමට නියමිතයි.

කිරිවෙහෙර සමිඳුන් අභියසින් ඇරඹෙන පෙරහර බුත්තල හරහා බඩල්කුඹුර වෙතත්, මහියංගණයේ සිට අලුත් සහල් එක් රැස් කරන රථ ගිරාදුරුකෝට්ටේ පසුකර දෙහිඅත්තකණ්ඩිය වෙතත් ළඟාවීමට සැළසුම් කර තිබෙනවා.

සජීවී තොරතුරු සඳහා දැන් හිරු ටී. වී. බලන්න.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top