අවුරුදු නැකතේ පන්දාහේ අපලය
Wednesday, 31 March 2021 - 8:42 | Views - 315
ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු සංසරණය වැඩිවීමක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු පවසන්නේ පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්  බවයි.

එළඹෙන උත්සව සමයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු වැඩිවශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති නිසා මුදල් ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම රුපියල් පන්දහසේ නෝට්ටුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ දිනයේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙළඳසැලකට රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තවත් රුපියල් 5000යේ ව්‍යාජ නෝට්ටු හතරක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන්නේ කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top