අනියම් පෙමක් හමුවේ තවත් ගෙල සිඳලීමක්
Tuesday, 30 March 2021 - 16:11 | Views - 74,858
සීගිරිය නව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් අද (30) අලුයම සීගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තියුණු ආයුධයකින් ගෙල කපා දැමීමෙන් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබලෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ආයුධය ද සමඟ අද (30) අලුයම සීගිරිය පොලිසියට පැමිණ භාරවී ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන අතර ඔහු කලක සිට හමුදා සෙබළාගේ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ගුවන් හමුදා සෙබලා නිවසක් කුලියට ගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා ද සමඟ සීගිරිය ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් දිගින් දිගටම තමන්ට මෙම පුද්ගලයා කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි පොලිසියට භාර වූ ගුවන් හමුදා සෙබලා සහ ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top