ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම මෙන්න
Saturday, 25 March 2017 - 11:55 | Views - 8,086
මෙම අපුරු බස් නැවතුම කොළඹ - ටවුන්හෝල් වල තමයි ඉදිකර තිබෙන්නේ.

මෙම බස් නැවතුමට එන ඕනෑම කෙනෙකුට පහසුකම් රැසක් සැලසෙනවා.

ඒ තමයි ,
ස්මාර්ට් අලෙවි යන්ත්‍රයකින් මුදල් භාවිතයකින් තොරව බීම වර්ග ලබා ගැනීමේ පහසුකම.
බස් නැවතුම්පොළේ ඇති දුරකථන අංකයට වතුර (water) හෝ තමන්ට අවශ්‍ය දෙය කෙටි පණිවිඩයක් මගින් යැවීම මගින් ඊට ප්‍රතිචාර වශයෙන් ලැඛෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය (code) අලෙවියන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් ඒවා ලබා ගත හැකියි.

මෙහිදී පහසුවෙන් ඔබේ දුරකථනය චාර්ජ් කරගන්නත් අවස්ථාව තියෙනවා..

මෙම බස් නැවතුම්පොළේ අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන මොබිටෙල් වයිෆයි සම්බන්ධතාවයක් ද තිබෙනවා.

මෙහි ඇති තවත් නවීන අංගයක් තමයි අඟල් 46 අන්තර්ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරය
ඒ මඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කර  ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස පිළිබඳ නිගමනයකට එළඹෙන අතර එයට අනුව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙය ජනතා අයිතියට පත් කළ අතර මොබිටෙල් නවෝත්පාදන අංශය විසින් මෙම බස් නැවතුම්පල නිර්මානය කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top